(ප්‍රින්ස් රත්නායක)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා ප්‍රතිපාදන මගින් සම්පාදිත මිලියන 35 ක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිවාස ව්‍යාපෘතිය අද (16) ජනතා අයිතියට පත් කෙරිණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්.එම්. ගුණරත්න මහතා අතින් එය විවෘත කෙරිණි.
ව්‍යාපෘතිය කාමර 18 කින් යුතු අංග සම්පූර්ණ නිවාස 06 කින් සමන්විත වේ.
නාගරික වටපිටාවකින් බැහැරව ඇති ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යලයේ, 1987 වසරේ සමනලවැව ආශ්‍රිතව ජපන් ආධාර යටතේ ඉදිකරන ලද නිවාස තවමත් භාවිතයට ගන්නා අතර 30 වසරක් පැරණි මෙම නිවාස හැරුණු විට කාර්ය මණ්ඩල නිවාස ව්‍යාපෘතියක් ඉදිකළ පළමු අවස්ථාව මෙය වේ.
ඉදිරියේ දී මිලියන 355 ක ව්‍යාපෘතියක් ආරම්භ කර සේවක අයිතියට පැවරීමට නියමිත බව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතා රැස්වූ පිරිස අමතමින් පැවසීය.
ලේඛකාධිකාරී වීඩී කිත්සිරි, නියෝජ්‍ය හා සහකාර ලේඛකාධිකාරීවරු මුල්‍යාධිකාරි ප්‍රමුඛ පරිපාලන කාර්ය මණ්ඩලය, පීඨාධිපතිවරු , ආචාර්ය මහාචාර්යවරු, අනධ්‍යන සේවක මණ්ඩලය සහා විශ්වවිද්‍යාල සහාය සේවා කණ්ඩායම් එම අවස්ථාවට පැමිණ සිටියහ.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට