(මනෝජ් හර්ෂික)
වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිමාර්ග සංවර්ධනය හා ඇළවේලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් අද (21) මහතා පැවැසීය.
“සංවර්ධන ව්‍යාපෘති සියයක්” වැඩසටහන යටතේ ඉදිකරනු ලබන අනුරාධපුර ගල්පාලම අසළ පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අපි මෙම වර්ෂය තුළ වැව් 700ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමටත් කුඩා ඇළවේලි, කෘෂිමාර්ග නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මොනරාගල, කුරුණෑගල ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයකට මෙම සංවර්ධන කාර්යයේදී ප්‍රමුඛස්ථානය දීමටත් කටයුතු කරනවා.
ගිය වසරේදී සංවර්ධන ව්‍යාපෘති 1100ක් පමණ සිදු කළා. මෙවරත් වර්ෂයේ අවසානයට පෙර ගොවීන් බලාපොරොත්තු වන නවීකරණ කටයුතු සිදුකර කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා මෙම ව්‍යාපෘති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
596
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැව් ප්‍රතිසංස්කරණයට කෘෂි අමාත්‍යංශයෙන් මිලියන 6000 ක්