IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපති වැඩ බාර ගනී

(රංජිත් රාජපක්ෂ)                      
 

ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපතිවරයා වශයෙන් භරත් අරුල්සාමි මහතා බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යයාලයේදි අද(27) වැඩ කටයුතු ආරම්භ කළේය.
 
ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉදිරියේ භරත් අරුල්සාමි මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් අනතුරුවය.
 
දිවන්ගත පා.ම සහ වැවිලි සම්පත් මානව භාරයේ කෙටි කාලයක් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ.අරුල්සාමි මහතාගේ පුතු භරත් අරුල්සාමි මහතා ය.
 
භරත් අරුල්සාමි මහතා සභාපතිධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එම අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු මානව සම්පත් භාරයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.


 

 



අදහස් (0)

වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපති වැඩ බාර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site