IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වව්නියා - කොළඹ බස් රථයකට හලාවතදී ප්‍රහාරයක්

 (පුත්තලම - ජුඩ්සමන්ත)
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.


අද 28 දහවල් හලාවත - කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු වී ඇත.


එසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව පදිංකරුවෙකු වන කේ.ඩී.සාලිය එදිරිසිංහ නම් අයෙකි.පහර දුන් අය තමන් අත තිබූ මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රයද පොලවේ ගසා හානි කර ඇති බව බස් කොන්දොස්තරවරයා විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.


මේ අයුරින්ම හලාවත - කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ රියදුරෙකුට පංචිකාවත්ත ප්‍රදේශයේදීද පසුගිය 26 වැනිදා පහර දී ඇත.


මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර,හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.

 



අදහස් (0)

වව්නියා - කොළඹ බස් රථයකට හලාවතදී ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site