(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදුන් අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (05) විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විරෝධතාවක නිරත වූහ.
විදුලිබල මණ්ඩලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන වව්නියාව පොලිස් කොට්ඨාස සංකීරණය තෙක් ගමන් කොට එහි සංකීරණය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
ආච්චිපුරම් ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි විදුලිබල මණ්ඩලයේ පිරිසකට ඊයේ (04) ගම්මානයේ පිරිසක් පහරදීම හේතුවෙන් සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහලගත කෙරිණි. තත්වය සොයා බැලීමට ගිය වවුනියාව විදුලි අධිකාරී දිලිප් කුමාර් නැමත්තාටද පහරදීම හේතුවෙන් ඔහුද රෝහල්ගත කෙරුණි.
සේවකයින්ගෙන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති බවට වවුනියාව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
වරදකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් ඉදිරියේදී විදුලිබල මණ්ඩල සේවකයින් වැඩවර්ජනයකට සූදානම්ව සිටින බවටත් එසේ වුවහොත් මැතිවරණ කටයුතු දැඩි බාධාවක් වන බවත් විදුලි බල මණ්ඩල සේවකයෝ පොලීසියට දැනුම් දුන්හ.
පහරදීමට සමබන්ධ තවත් සැකකරුවන් පිරිසක් සැඟව සිටින බවත්, මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි සියලු දෙනා ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.
විරෝධතාවයේ නිරත වූ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු, පැය 24 ක කාලයක් තුළ පහරදීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත් පොලිසිය පැවසීය.




2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වවුනියාවේ ලංවිම සේවකයෝ වීදි බසිති
රවින් Tuesday, 05 November 2019 08:58 AM
කපන්න පළාතටම විදුලිය. මහජනයා විසින්ම මැරයෝ ටික පොලිසියට ගෙනවිත් දෙයි. තව පොඩ්ඩක් පණිවිඩය ඇරියොත් මහජනයා විසින්ම කට්ටියම වාට්ටුවට යවයි. වැරදි වැඩේ කරලත් චන්ඩිකම් පෙන්නනවානම් එකම විසඳුම පොදුජනයා විසින්ම චන්ඩින් නොන්ඩි ගැස්සවීමයි. පොලිසියේ මහත්වරු නෝනලා ඔය වැඩේ කරන්න ගියොත් වැඩ නැති මානව හිමිකම්කාරයෝ උඩ පනින්න පටන් ගනියි.