IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වවුනියාවේ නගර සභා සේවකයින්ට පහරදීමට උත්සාහ කළැයි විරෝධතාවක්

 ( සිතුම් චතුරංග)
 
වවුනියාව නගරයේ අනවසරයෙන් ප‍්‍රදර්ශනය කර  තිබූ දේශපාලනඥයින්ගේ රුව සහිත බැනර් හා කටවුට් ඉවත් කිරීමට යාමේදී එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු සහ  නාගරික මන්ත‍්‍රීවරුන් දෙදෙනකු  ඇතුළු පිරිසක්  පැමිණ නගරසභා සේවකයින්ට  පහරදීමට උත්සහ කිරීම හා තර්ජනය කිරීමට විරෝධය පලකරමින් නගර සභා නිලධාරීහු හා සේවකයෝ අද (25)  වැඩවර්ජනයක නිරතවූහ.‍
 
නගර සභාවේ කිසිදු අනුදැනුමකින් තොරව වවුනියාව නගරයේ ඔරලෝසු කණුව අසළ, ප‍්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයින්ගේ සහ පහරදීමට පැමිණි මන්ත‍්‍රීවරුන්ගේ කටවුට් හා බැනර් ප‍්‍රදර්ශනය කර  තිබූ අතර එම කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා  නගර සභාව කිහිප අවස්ථාවක ඔවුන්ට දැනුම් දී තිබූ බවත් එය ඉවත් කිරීමට ක‍්‍රියා නොකිරීම හේතුවෙන් නගර සභා නිලධාරීන් ඊයේ(24) රාත‍්‍රියේ එම කටවුට් හා බැනර් ඉවත් කිරීමට පියවරගෙන තිබුණි.

ඒ අනුව ප‍්‍රදේශය නියෝජනය කරන විවිධ පක්ෂවල කැබිනට් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රාදේශිය දේශපාලඥයින්ගේ ප‍්‍රදර්ශනය කොට තිබූ කටවුට් හා බැනර් පුවරු සියල්ල ඉවත් කිරීමට නගර සභා සේවකයින් විසින් කටයුතුකරනු ලැබීය.

එම අවස්ථාවේ පැමිණි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා, නාගරික මන්ත‍්‍රීවරයා සහ ඔවුන්ගේ රැකවලූන් මෝටර් රථයකින් හා යතුරු පැදිවලින් පැමිණ අනවසර කටවුට් ඉවත් කරමින් තිබූ නගර සභා ලොරි රථය හරස්කොට නගර සභා සේවකයින්ට හා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමට උත්සහ කළ බව නගර සභා සේවකයෝ පවසති.
 
ඉවත් කරන කටවුට් සහ බැනර් පැය 24 කාලයක් ගතවීමට පෙර නැවත සකස්කරන ලෙසත් නැතිනම් මා කවුරුන්ද කියා පෙන්වන බවට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා නගර සභා නිලධාරීන්ට තර්ජනය කළ බවද විරෝධතාවයේ යෙදී සිටි නිලධාරීහු පවසති. 
 

රාජ්‍ය නිලධාරීන්ට බැණවදිමින් නගර සභා සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් සිදු කර  අදාළ මන්ත‍්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවටගන්නා ලෙසද ඔවුහු ඉල්ලීම් කළහ.
 
අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් නගර සභා සේවකයෝ  වවුනියාව නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
 
නගර සභා සුළු  සේවකයින්ද වැඩ වර්ජනයට සහය පළකිරීම හේතුවෙන් නගරයේ කැළි කසල ඉවත් කිරීම ඇතුළු පවිත‍්‍රතා කටයුතු සියල්ල ඇණහිට තිබු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද රාජකාරියෙන් ඉවත්ව විරෝධතාව සඳහා එක්ව සිටියහ.
 

මේ සම්බන්ධයෙන් වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පී.කරුණාදාස මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ කටවුට් හා බැනර් පුවරු ඉවත්කළ නිලධාරීන් හා නගර සභා සේවකයින් අතර සුහදව තමා කතා කළ බවත් තර්ජනය කිරීමක් හෝ පහරදීමට යෑමක් සිදුනොවූ බවත්ය.
 
එම ස්ථානයේ පොලිසියද සිටි බව කී කරුණාදාස මහතා තමන් නගර සභාවට ගොස් ඒ පිළිබඳ සොයාබලන බව කීවේය.

 



අදහස් (0)

වවුනියාවේ නගර සභා සේවකයින්ට පහරදීමට උත්සාහ කළැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32043 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11242 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site