IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වවුනියාව නගර සභාවේ බලය දෙමළ සන්ධානයෙන් ගිලිහෙයි

 
රොමේෂ් මධූෂංඛ 

මෙතෙක් කාලයක් දෙමළ ජාතක සන්ධානයට බලය හිමිව තිබූ  වව්නියාව නගර සභාවේ  බලය පිහිටුවීමට දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය අද  සමත්විය.
 
වව්නියාව නගරසභා පළමු සසි වාරය අද (16)  ආරම්භ වූ අවස්ථාවේදී නගරසභවේ සභාපති වශයෙන් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ රාසලිංගම් ගෞතම් මහතාගේ නම ද, දෙමළ ජාතික සන්ධානයෙන් එන් සේනාධිරාජා මහතගේ නම ද යෝජනා විය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ඡන්ද නවයක් ලබා ගනිද්දී දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්ද 11ක් ලබා ගැනීමින් සභාපති ධුරයට තේරී පත් විය.
 
දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඊ.පී.ඩී.පී පක්ෂය  රාසලිංගම් ගෞතම් මහතාට   ඡන්දය ප්‍රකාශ කළ අතර එන්.සේනාධිරාජා මහතාට සහය ලැබී තිබුණේ දෙමළ ජාතික සන්ධානයෙන් පමණි.
 
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ කණ්ඩායම් කිහිපයක් එක්ව දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය පිහිටුවාගෙන තිබේ. 
 
උතුරු පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නගරසභා සැසිවාරය පැවතිවිණි.   නගර සභාපතිවරයා තෝරා පත් කර ගත් අවස්ථාවේ මන්ත්‍රීවරු අතර උණුසුම් වචන හුවමාරවක් සිදු විය.



අදහස් (0)

වවුනියාව නගර සභාවේ බලය දෙමළ සන්ධානයෙන් ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site