(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, සන්නාසිපරන්තන් ප්‍රදේශයේ දී අද (6) වලස් ප්‍රහාරයකට ලක්ව සහෝදරයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වවුනියාව පොලීසිය පවසයි.
මෙම සහෝදරයින් දෙදෙනා ගවයින් නැවත නිවෙස වෙතට රැගෙන ඒම සඳහා සන්නාසිපරන්තන් ප්‍රදේශයේ කැළෑවට ගිය අවස්ථාවේදී එක්වරම කැලෑව තුළින් එක් සහෝදරයකුට පහරදී ඇති අතර එම සහෝදරයා බේරා ගැනීමට අනෙක් සහෝදරයා උත්සහා ගැනීමේ දී එම සහෝදරයා ද වලස් ප්‍රහාරයට ලක්ව ඇත.
වලස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අවුරුදු 37, ක් හා 26 ක් වයසැති සහෝදරයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ සිරුරු පුරා තුවාල වී තිබුණද ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වේ.
මීට පෙර අවස්ථාවකදී ද වවුනියාව මල්මඩුව ගම්මානයට ඔබ්බෙන් වූ කැළෑවේ දර කැඩීමට ගිය කාන්තාවන් පිරිසක් ද වලස් ප්‍රහාරයට ලක්වූ අතර, එහිදී කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වවුනියාවේ ගවයින් බැලීමට ගිය අයියා මලෝට වලස් ප්‍රහාරයක්