IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වවුනියාවේ ගොවිපොළක ගින්නක්


 
 
සිතුම් චතුරංග
            
වවුනියාව , සමනම්කුලම ප‍්‍රදේශයේ  ගොවිපොළක ඇතිවූ ගින්නකින් එම ගොවිපලේ සිටි සතුන් විශාල ප‍්‍රමාණයක් හා බෝග වගාවන් විනාශවී ඇති බව වවුනියාව පොලිසිය කියයි.


සමනම්කුලම ප‍්‍රදේශයේ පෞද්ගලික ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන අතර කිසිවෙකු විසින් ගොවිපොළක ආසන්නයේ කැළෑ ප‍්‍රදේශයක් ගිනි තැබීමෙන් මෙම ගිනිගැනීම හටගෙන ඇති බව පොලිසිය පවසයි.


ගින්නෙන් ගොවිපලේ විශාල ගොඩනැගිලි දෙකක් හා එළුවන් , හාවුන් , තාරාවුන් ඇතුළු සතුන් 20කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර එහි තිබූ දෙමුහුන් පොල්පැළ 55 ඇතුළු වගාවන්ට ද හානි සිදුව තිබේ.


ගින්න සම්බන්ධයෙන් හම ගොවිපලේ කළමණාකාරිණිය වූ සෙල්වරාසු දර්ශණි නැමැත්තිය විසින් වවුනියාව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.


ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු වී නොමැති බවත් ගොවිපොළේ දේපල වලටද විශාල හානියක් සිදුව ඇති බවත්ය.



අදහස් (0)

වවුනියාවේ ගොවිපොළක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site