සිතුම් චතුරංග
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් සොයා ගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඉඩමෙහි හිමිකරු විසින් වගා කටයුත්තක් සඳහා බැකෝ යන්ත්‍ර යොදා භූමිය සකස් කරමින් සිටියදී පොළව යට තිබී බිම්බෝම්බ තොගය හමුවී මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත දැනුම් දී ඇති බව සඳහන් කළේය.
ඉඩම තුළ ස්ථාන දෙකක තිබී මෙම පුද්ගල නාශක බිම්බෝම්බ තොගය සොයා ගත් බවද කීය.
පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ආරක්ෂක අංශ ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කිරීම සඳහා මෙම බිම්බෝම්බ තොගය රැගෙනවිත් අදාළ ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැක පළ කරයි.
ඉඩම තුළ තිබී හමුවූ බිම්බෝම්බ කිසිදු හානියක් නොවන සේ ආරක්ෂිත බහලුමක දමා පොළව යට තැන්පත් කර තිබූ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
හමුවූ බිම්බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාවේ ඉඩමකින් බිම්බෝම්බ තොගයක් සොයා ගනී