සිතුම් චතුරංග
මුලතිව් - වවුනිකුලම් අභයභූමිය තුළ නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකළ පුද්ගලයින් හයදෙනකු කිලිනොච්චිය දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වවුනිකුලම් අභය භූමියේ පාලිආරු ඇළෙහි ට‍්‍රැක්ටර් රථ යොදාගනිමින් වැලි කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ කිලිනොච්චිය දිසා දූෂණ මර්දන අංශය වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා වැලි ගොඩදැමීම සඳහා යොදාගත් උපකරණ සහිත ට‍්‍රැක්ටර් රථ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
ප‍්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ව්‍යාජ තොරතුරු ලබාදී ලබා ගන්නා දෛනික වැලි කැණීම් බලපත‍්‍ර මත මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඇතැම් බලපත‍්‍ර අභය භූමියේ වැලි කැණීම් සිදුකිරීම සඳහා නම්කර තිබූ බවත් පවසයි.
වවුනිකුලම් අභය භූමියේ සිදුකළ වැලි ජාවාරම හේතුවෙන් සතුන්ට පානය කිරීම සඳහා ඇළ තුළ රැදී තිබූ විශාල ජල මුලාශ‍්‍ර සිඳී ගොස් ඇති අතර අසීමිත ලෙස වැලි කැණීම් සිදුකිරීම හේතුවෙන් අභය භූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් පිරිස විසින් ගොඩදමන වැලි යාපනය හා විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහන කිරීම සඳහා හිමිකරුවන් නොමැති ඉඩම් තුළ ගබඩාකරන බවට තොරතුරු අනාවරණය වූ බව කීය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනිකුලම් අභයභූමියේ වැලි කැණීම් කළ 6 දෙනකු අත්අඩංගුවට