(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි වැවක දිය නාමින් සිටි දෙදෙනෙක් අද (18) දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සහ නාත්තන්ඩිය කහටවිල පොතුවටවන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි එම්.ඒ.ඩි. ඉෂාරා නිලක්ෂී නැමති තරුණියක බව පොලිසිය කියයි.
තරුණිය වැවේ වලකට වැටීමේන් පසුව ඇය බේරා ගැනීමට තරුණයා ගිය අවස්ථාවේ දෙදෙනාම දියේ ගිලි මරණයට පත් වන්නට ඇති බව පොලිසිය පවසයි.
මරණයට පත් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට යැවීමට පොලිසිය කටයුතු කර තිබූ අතර හෙට (19) පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැවක දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි මරුට