IMG-LOGO

වැවක ගිලී අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම උයන්වත්ත වැවෙහි ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(13) හමු වූ බව පොලිසිය කියයි.
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මිල්ලනිය පදිංචිව සිටි හෙට්ටිකංකානම්ගේ අමිල කුමාර නමැති 29 හැවිරිදි තරුණයෙකි.
 
එම තරුණයා මිතුරන් සයදෙනෙකු සමඟ ඊයේ(12) දහවල් වැවෙහි දියනාමින් සිටියදී අනතුර සිදුව ඇත.
 
තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එක් අයකු ගොඩ ගෙන බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.
 
අතුරුදන් වූ තරුණයා සොයාගැනීමට ප්‍රදේශවාසීන් තැත් කළද නොහැකිවී ඇත. අද පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ  අතුරුදන් වූ තරුණයා සෙවීමට සූදානම් වෙමින් සිටියදී මළ සිරුර වැවෙන් උඩට මතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
 
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇත.



අදහස් (0)

වැවක ගිලී අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site