IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මුදල් කොල්ලකෑ 4 ක් සැක පිට අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)


කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවිකාවකගේ ගෙළට පිහියක් තබා මුදල් කොල්ල කා පළා ගොස් සිටි බවට සැකකරන පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


මධ්‍යස්ථානයේ තිබු රුපියල් 20,375ක මුදලක් කොල්ල කා තිබේ.


 සැකකරුවන් සමඟ කොල්ලය සදහා ඔවුන් යොදා ගත් බව කියන පිහියක්, යතුරුපැදි 2ක්, කළුපාට ජැකට් 2ක්, කළු කලිසම් 2ක් මුහුණු ආවරණ 2ක් හා ජංගම දුරකතනයක් ද අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.


ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18)  අලුයම සිට  අද (19) අලුයම කාලය තුළ  පුත්තලම, ගල්කුලම සහ සිරම්බිඅඩිය ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සමඟ අදාළ උපකරණ තොගය මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.


සැකකරුවන් මෙම මුදල් කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 12 දින සවස් කාලයේ බවත් පොලීසිය කියයි. එසේ පැමිණි දෙදෙනෙකු කොල්ලය සිදුකරන අතරතුර දෙදෙනෙකු පිටත සිට ඔත්තු බලා ඇති බවට තොරතුරු ඇති බවත් පවසන පොලීසිය අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර, කොල්ලය සංවිධානය කළ බව කියන එහි වැලි ප්‍රවාහන ලොරියක රියැදුරෙකු ද වන බවත් පවසයි.



අදහස් (0)

වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මුදල් කොල්ලකෑ 4 ක් සැක පිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site