(රොහාන් සී ප්‍රේමතිලක)
වැලි ගබඩාකරන ස්ථානයක බීමත්ව වැතිර සිටි 65 හැවිරිදි වයස්ගත අයෙකු වැලි ටිපර් රථයකට යටවී අද (9) මිය ගිය බව අරණායක පොලිසිය පවසයි.
කන්තලේ ප්‍රදේශයේ සිට ටිපර් රථයකින් ප්‍රවාහනය කළ වැලි තොගයක් බෑම සඳහා අදාළ ටිපර් රථය පසුපසට ධාවනය කරද්දී මෙම අනතුර සිදුවී තිබේ.
දෙමළහීරිය ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකුට අයත් මෙම වැලි ටිපර් රථය කන්තලේ සිට පැමිණ වැලි බෑම සඳහා පසුපසට ධාවනය කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී තිබේ.
ටිපර් රථය නවතා එහි පසුපස දොර විවෘත කිරීමට රියදුරා ගිය අවස්ථාවේදී මියගිය තැනැත්තා ටිපර් රථයට යටවී සිටිනු දැක ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඔහු ඒවන විටත් මියගොස් සිටි බවද පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැලි ටිපරයට යටවී අයෙක් මරුට