IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

(ඩබ්. ඒ. පියතිලක)

සෝමාවතිය ජාතික උද්‍යානයේ  පෙරියාරු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනයට සූදානම් කර තිබූ  ට්‍රැක්ටර්  රථ 2ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු (14) අද කළ වැටලීමකදී  අත්අඩංගුවට ගෙන ඇත.

කලක පටන් ඉතා රහසිතගව රාත්‍රී කාලයේ  සෝමාවතිය ජාතික උද්‍යානයට අයත් පෙරියාරු  ගඟේ වැලි ගොඩ දමා ට්‍රැක්ටර් මගින් රැගෙන  යාම ජාවාරම්කරුවන් විසින් සිදු කරන බවත්, මෙම ජාවාරම සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සෝමාවතිය ජාතික උද්‍යානයේ  වනජීවි  නිලධාරීන් විසින් විශේෂ  වැටලීමක් අලුයම ආරම්භ කර  තිබේ. 

එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයින් පොලොන්නරුව 12 ඇළ ප්‍රදේශයේ අයයි. 

අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ  ට්‍රැක්ටර්  රථ දෙක අද (14)  හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු  ඩබ්.එච්.එල්.කේ. වාසල මහතා පවසයි.



අදහස් (0)

වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site