IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වල් අලි රංචුවක් හේතුවෙන් කොරසගොල්ල ගම්වාසීහු කැළඹෙති

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

කැකිරාව කොරසගල්ල ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුවක් නිසා එහි ජනතාව අද (03) නොසන්සුන්තාවයක් හට ගෙන තිබින.

කලාවැව ජාතික උද්‍යානයේ සිට එහි ආරක්ෂිත විදුලි වැට බිඳ දමමින් අද ගම්වැදීමෙන් පසුව එම අලි රංචුව මෙලෙස කොරසගල්ල ගම්මානයට කොටුවී ඇති බව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීයකු පැවැසීය.

අද 03 දහවල් එහි පැමිණි ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු එම වල් අලි රංචුව පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ කළහ.

ගම්වැදී සිටි අට දෙනෙකුගෙන් යුතු වල් අලි රංචුව රංචුව ගම්මානයේ ගෙමිදුල් ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නට විය. මෙහෙයුම ආරම්භයේදීම එය නිමවන තෙක් කාන්තාවන් දරුවන් වයෝවෘද්ධ හා ආබාධිත පිරිස් ආරක්ෂිතව නිවෙස් තුළ රැඳවීමට පොලිසිය හා වනජීවී නිලධාරීහු පියවර ගත්හ. පසුව අලි පැන්නීමේ මෙහෙයුම ආරම්භ වූ අතර පැය කිහිපයක් පුරා පැවැති එම මෙහෙයුම සඳහා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහය ලැබිණි. වනජීවි නිලධාරීන්ගේ සුපරික්ෂාකාරී මෙහෙයුම හේතුවෙන් ගම්මානයේ කිසිවෙකුටත් ජීවිත හෝ වෙනත් අනතුරක් සිදු නොවිණ. එහෙත් ගෙවතු වගාවන් රැසකට හානි සිදුකර තිබිණ.  

මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම මෙහෙයුම අතරතුරදී පැය කිහිපයක් ඒ9 මාර්ගයේ රථවාහන ගමනාගමනය ද වරින්වර අත්හිටුවීමට පොලිස් රථවාහන අංශය කටයුතු කර  තිබිණ.

ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුව කොරසගල්ල ප්‍රදේශයේ ඇති මස්තාන් බෝක්කුව අසළින් ඒ 9 ප්‍රධාන මාර්ගය හරහා කලාවැව ජාතික උද්‍යානයට පන්නා දැමීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. මින් මද වේලාවකට පෙර එම මෙහෙයුම නිමා කෙරිණ.

මේ වන විට කොරසගල්ල ගම්මානයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති අතර ඒ9 මාර්ගයේ රථවාහන ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවේ.



අදහස් (1)

වල් අලි රංචුවක් හේතුවෙන් කොරසගොල්ල ගම්වාසීහු කැළඹෙති

Kasthuri Sunday, 04 November 2018 01:21 AM

මේ දවස්වල කොහොමටත් අලි ගම වැදිලා ඉන්නේ. දැන් තමා තේරිලා තියෙන්නේ ගමේ වටිනාකම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site