IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වල් අලි රංචුවක් බොඳ කළ රළපනාව දරුවන්ගේ සිහිනය

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
වල් අලි රංචුවක් නවගත්තේගම රළපනාව විද්‍යාලයේ අත්පන්දු ක්‍රීඩාපිටිය ආවරණය කර තිබු  දැල් වලට හානි කර ඇති බව දෙමාපියෝ පවසති. 


වල් අලි රංචුව මෙසේ කර ඇත්තේ රළපනාව විද්‍යාලයේ දරුවන් අත්පන්දු ක්‍රීඩාව සඳහා භාවිතා කරමින් තිබු දැල් වලින් ආවරණය කළ ක්‍රීඩාගාරය වේ. 


දින කීපයකට පෙර වල්අලි රංචුව පගා කඩා දැමු දැල්පන්දු පිටියේ ආවරණ පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසලට පැමිණි දරුවන් දැකීමෙන් දැඩි කම්පාවට පත්විය.


රළපනාව විද්‍යාලයේ දරුවන් අවස්ථා කිපයකදීම අත්පන්දු ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබේ. 


එසේම මෙම දැල්පන්දු ක්‍රීඩා පිටියේ දැල් ආවරණ වසර දෙකකට පමණ පෙර රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තුවරුන් වන අරුන්දික ප්‍රනාන්දු මහතා සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් විසින් ඉදිකර දී තිබුණේ රළපනාව දරුවන්ගේ අත්පන්දු ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංන්වීමේ අරමුණින් බව කියයි. 


කෙසේ නමුත් වල් අලි රංචුව කළ හානියක් සමඟ දරුවන් අසරණ වී තිබේ. 


මේ පිළිබඳව කළ විමසීමේදී අදහස් දක්වමින් සිටි විදුහල්පති පී.ජී.එස්. දමයන්ති මහත්මිය මෙසේ පැවසුවාය. 


‘මේ දැල්පන්දු ක්‍රීඩාගාරයේ දැල් වල්අලින් කැඩිම නිසා විශාල හානියක් සිදුව තිබෙනවා. අපේ දරුවන්ට ලොකු පාඩුවක් මේ නිසා ඇති වෙනවා. මම මේ නිසා අධ්‍යාපන බළධාරීන්ට දැන්වීමට කටයුතු කළා’ යැයි ඇය පැවසුවාය.
 



අදහස් (0)

වල් අලි රංචුවක් බොඳ කළ රළපනාව දරුවන්ගේ සිහිනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site