IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වල් අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මරුට

පැතුම් දර්ශන

හොරොව්පොතාන ආනොලොන්දැව ප්‍රදේශයේදි   වල්අලියෙකුගෙ පහරකෑමට ලක්වූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, තිඹිරිඅත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි හලීම් අබ්දුල් අස්වර් නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි. 

ආනොලොන්දෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගෙ   වගාවට ගොස් නැවත නිවස බලා එමින් සිටියදි මෙම  පහර කෑමට ලක් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.

වල් අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ  පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ඒ මොහොතේම කපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

මිය ගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට කපුගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

වල් අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31756 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14215 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site