
වියලුව වාර්තාකරු
කන්දකැටිය කහගොල්ලඅරාව ගම්මානය වෙත ඊයේ (23) අළුයම කඩා වැදුණු වල් අලියෙකු එහි නිවසක අලුතින් ඉදි කරනු ලබන වැසිකිළී වළකට වැටී සිටියදී සොයාගත් බව ගම්වාසීහු කියති.
වැසිකිළි වළට වැටුණු වන අලියා ගොඩගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාව, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් මැදිහත් ව සිටින අතර ඒ සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවටද දැනුමිදීමට ගම්වාසීන් පියවර ගෙන ඇත.
මේ දිනවල කන්දකැටිය හා ඒ අවට ප්‍රදේශයන්හි කුඹුරු වල වී අස්වනු නෙළන සමය ආරම්භව ඇති බැවින් රන්දෙණිගල හා ඒ අවට රක්ෂිත වල සිටින වල් අලි නිරන්තරයෙන් ගම් වදින බව ප්‍රදේශයේ ජනතාව පවසති
1-5 වළට වැටී සිටින වල අලියා

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.