( ටී.කේ.ජී.කපිල )
වල්ලපට්ටා සහ කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
මෙම පුද්ගලයා ඊයේ (13) දින දහවල් 2.20 ට තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ විශාල ගමන් මල්ල පිරෙන්නටම රුපියල් 5,75,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 07 යි ග්රෑම් 400 ක් සහ කොතළ හිඹුටු කිලෝ ග්රෑම් 17 යි ග්රෑම් 400 ක් අසුරා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම ද්‍රව්‍යයන් විදේශයන් වෙත රැගෙන යෑම සපුරා තහනම් වේ.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.
ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ .


2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්ලපට්ටා-කොතල හිඹුටු සමඟ අයෙක් රේගුවෙන් අල්ලයි