(ඩී.කේ.රත්න)
වැලිමඩ ඩයරබා වතුයායේ පහළ කොටසේ වගා ඉඩම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කම්බි ගසා වෙන් කිරීමට විරෝධය පා වතු කම්කරුවෝ අද (24) නිරතවෙමින් විරෝධය දැක්වූහ.
මෙම ජනතාව වසර ගණනාවක්ම මෙම ඉඩම්වල වගා කටයුතු කර තිබියදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ඉඩම් වැලිමඩ කොස්කාණුවල වැව් රක්ෂිතයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස නම් කර කම්බ් ගසා වෙන් කර ඇතැයි ඔවුහු කීහ.
වගා කටයුතු කළද ජල පෝෂක පෙදෙසට කිසිදු හානියක් නොකරන බවත් ඔවුහු කීහ.
ජනතාව ජයරබා වතුයායේ පහළ කොටසේ කෝවිල අසලදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබිණි.
මෙම ස්ථානයට පැමිණි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතා ලබන බදාදා වැලිමඩ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස ඔවුන්ට දැන්වීය. එදිනට මේ පිළිබඳව වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡාවක්ද ලබාදීමට පොරොන්දුවීමත් සමග කම්කරුවෝ විරෝධතාව අවසන් කළහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වැලිමඩ වතු කම්කරුවෝ වීදි බසිති