IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැලිමඩ වතුයායක තිබී ගිනි අවි දෙකක් සොයා ගනී

(ඩී. කේ. රත්න )
 

වැලිමඩ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ වගාවක තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවි දෙකක් අද (3) දහවල් සොයාගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.

ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් මෙම ගිනිඅවි දැක ඒ පිළිබදව වතු අධිකාරිවරයාට දඅනුම්දීමෙන් පසු ඩයරබා වතුයායේ වතු අධිකාරිවරයා විසින් වැලිමඩ පොලීසියට දැනුම්දී ඇත. 
 
වැලිමඩ පුහුල්පොල සිට දික්කාපිටිය හරහා ඩයරබා ප‍්‍රධාන මාර්ගයේ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ ප‍්‍රධාන මාර්ගයට මීටර් පහක් පමණ දුරින් පොලිතීන් බෑගයක දමා තිබූ මෙම ගිනිඅවි දෙක වැලිමඩ පොලීසිය විසින් සොයාගෙන ඇත.
 
මේ දිනවල ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකිරීම නිසා කිසියම් පුද්ගලයකු විසින් මෙම ගිනිඅවි දෙක පොලිතීන් බෑගයක දමා තේ වගාවට දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
 
මේ පිළිබදව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

බණ්ඩාරවෙල පොලීස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

වැලිමඩ වතුයායක තිබී ගිනි අවි දෙකක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site