(ඞී.කේ.රත්න)
උමාඔය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැලිමඩ පුහුල්පොල ප‍්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගත් ඉඩම් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාදී නැතැයි පවසමින් ඒ සඳහා වන්දි සහ විකල්ප ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා ප‍්‍රදේශයේ ජනතාව අද (30) වැලිමඩ පුහුල්පොල උමාඔය වැඩබිම වැටලූහ.
තමන් පරම්පරා ගණනාවක සිට භුක්ති විදින ලැබූ ඉඩම් උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා තමන් හට ඉඩම් හා වන්දි ලබා දෙන බව පවසා රාජ්‍ය නිලධාරීන් මෙම ඉඩම් පවරා ගෙන ඇතත් මේ වන විට උමාඔය ව්‍යාපෘතිය අවසන් අධියරේ පැවතියද තමන් හට ඉඩම් හෝ වන්දි ලබාදී නැතැයි පවසමින් මෙම ජනතාව උමාඔය වැඩබිම වැටලූහ.
වැලිමඩ පුහුල්පොල ශ‍්‍රී මත් බෝධිරාජාරාමයට පැමිණි ප‍්‍රදේශයේ ජනතාව එම විහාරස්ථානයේ සිට විහාරාධිපති පුහුල්පොල නන්දරතන හිමියන් පෙරටුකොට ගනිමින් පුහුල්පොල උමාඔය හරහා වේල්ල ඉදි කරන වැඩබිම අසලට පැමිණීමේදී එම වැඩබිමේ ආරක්ෂක අංශ මෙම පිරිස නතර කිරීමට උත්සහ කළද එම පිරිස ඔවුන්ගේ විරෝධයන් නොතකා ඉදිරිටුයටම ගමන් කළහ.
මෙහිදී වැලිමඩ පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩබ්.හේරත්මහතා පැමිණ මෙම වැඩබිමට ඇතුලුවීම නීතිවිරෝධී බව පැවසීමත් සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇතිවූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා මහතා සමඟ මෙම ජනතාවට සාකච්ඡා කිරීම සඳහා ලබන 12 වැනිදා ලබාදීමෙන් පසු මෙම විරෝධතාව තාවකාලිකව නතර කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැලිමඩ පුහුල්පොල ජනතාව උමාඔය වැඩබිම වටලති