IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි දිවියකුගේ ශරීර කොටස්, පුක්කුලම ධීවර වාඩි අසළ  වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව, දිවියාගේ මරණය සම්බන්ධ වාර්තාවක් නොපමාව ලබා දෙන්නැයි පුත්තලම අතිරේක දිසා විනිසුරු ලහිරු එන්. සිල්වා මහතා ( 22 ) රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
 
අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 19 දින එම දිවියකුගේ ශරීර කොටස් සොයා ගැනීම සම්බන්ධව විල්පත්තුව ජාතික වන උද්‍යානයේ මුල්ලිකුලම අඩවි ආරක්ෂක ජානක ජීවන් හපුආරච්චි මහතා විසින් අධිකරණයට අදාළ සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කිරී මසැලකිල්ලට ගනිමිනි. 
 
මරා දමා තිබූ දිවියාගේ සිරුරේ කොටස් මුල්ලිකුලම අඩවි ආරක්ෂකවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
 
විල්පත්තුව ජාතික වන උද්‍යානයට යාබද, පුක්කුලම ධීවර ගම්මානයට මිටර් කිපයක් දුරින් පිහිටි ස්ථානයක, විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි ‘පැන්තේරා ෆාඩස්’ නමැති දිවියකුගේ අස්ථි කොටස් වළදමා තිබූ බවත් එය වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඉදිරියේදී ගොඩ ගත් බවත්, අධිකරණයට කරුණු ඉදිරිපත්කරමින් හපුආරච්චි මහතා දන්වා සිටියේය.
 
වනජීවි පශු වෛද්‍යවරයාගේ මූලික වාර්තාවේ දි මෙම දිවියාගේ රදනක දත් සියල්ලම ගලවා ඇති බවත්, එසේම සම හා ශරීරයේ ඇතැම් කොටස් ගණනාවක් නොතිබූ බව පැවසූ බවත් අඩවි ආරක්ෂක වරයා විවෘත අධිකරණයේදී පැවසීය. විල්පත්තුව තුළ සැරිසරන වන සතුන්ට දැඩි අනාරක්ෂිත තත්වයක් මතුව ඇති බවද ඒ මහතා කීය.
 
මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම දිවියාගේ අමාශ ගත කොටස්වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුවී තිබේද, මාංශ කොටස් වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත්නම් ඒ හේතුවෙන් මෙම සත්වයා මිය ගියේද, එසේ නොමැතිව වෙනත් කිසියම් කරුණක් නිසා මෙම දිවියා මරණයට පත්වුවාද යන්න පැහැදිලිව දන්වන ලෙස රජයේ  රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
 
මෙම නඩුව නොවැම්බර් 26 දිනට කල් තැබූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එදිනට අදාළ අංශවලට මේ සම්බන්ධ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

 



අදහස් (0)

විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site