(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි සහ පුත්තලම එච්.චන්දන)
විල්පත්තුව ජාතික උද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් (උත්තුමඩාරු) ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හෑරීයැයි සැකපිට අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා නියෝග කළේය.
පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන ප්‍රසන්න ප්‍රදීප් කුමාර සහ ඒ.එච්.එම්. ගයාන් කෝසල යන සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් අදාළ ස්ථානයේ කැණීම් කරමින් සිටියදී එළුන්කුලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 18 දින එම ස්ථානය වටලා ඇත. ඒ වන විට සැකකරුවන් පිරිස එම ස්ථානයේ අඩි 10 ක පමණ විශ්කම්භයකින් යුතු ගැඹුරු වළක් හාරා තිබී ඇත. මෙම මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග ජල මෝටරයක් ඇතුළුව පොළොව කැණීමට යොදා ගන්නා උපකරණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබුණි.
සෙසු සැකකරුවන් පළා ගොස් තිබූ අතර එම පිරිස 15 ක් පමණ වියහැකි බවට වනජීවී නිලධාරීහු සැකපළ කරති. එසේ පළාගිය සැකකරුවන් අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයෙකුද සිටින බවට මෙහිදී අනාවරණය වූ අතර, එම සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය. වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.ඩී. ටී. දිසානායක මහතා විසින් සැකකරුවන් දෙදෙනා සමග අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළේය.
කැණීම සිදුකර තිබූ අයුරු...
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විල්පත්තුවේ නිධන් හෑරූ අය රක්ෂිත බන්ධනාගාරයට