(දයාරත්න ඇඹෝගම)
විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගොවින් අක්කර දහසකට අධික භුමි භාගයක වගා කරනු ලැබු වට්ටක්කා අලෙවි කර ගැනිමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
විලච්චිය,සිවලාපිටිය,දුණමඩලැව,ඇතාවැව,තුරැපිටිය,ඇලපත්ගම, කිරල්පිටිය, වම් ඉවුර ඇතුළු ප්‍රදේශ රැසක වට්ටක්කා ගොවිහු තම වට්ටක්කා අලෙවි කර ගැනිමට නොහැකිව මෙලෙස අසරණව සිටිති.
වට්ටක්කා වගා කර ඒවා අලෙවි කර ගැනිමට නොහැකිව අසරණව සිටින ගොවියෙකු වන සිවලාපිටිය පදිංචි ක්‍රිශාන්ත අසේල මහතා මෙසේ පැවසිය.
‘කන්න හතරක් විතර විලච්චිය ප්‍රදේශයේ අයට වගාවක් කරගන්න බැරිවුණා. මේ සැරේ වැස්සත් ලැබුණු නිසා බොහෝ දෙනෙක් වට්ටක්කා වගා කළා .සමහරු අක්කර පනහ,හැටත් වගා කළා.
දැන් විකුණගන්න විදියක් නැහැ.වට්ටක්කා කිලෝව රුපියල් හතයි අටයි. දැන් ඒ මිලටත් කවුරැත් වට්ටක්කා ගන්නේ නැහැ.මේ පැත්තේ ගොවියේ අතේ කනේ තිබුණ් හැම දෙයම උගස් කරලා තමයි වට්ටක්කා ගොවිතැන කලේ.
විකුණගන්න බැරිව වට්ටක්කා ගෙඩිත් එක්ක ගොවිපලවල් අතහැර දාලා තිබෙනවා. රජයවත් මැදිහත් වේලා වට්ටක්කා සාධාරණ මිලකට අළෙවි කරලා දුන්නොත් ගත්ත ණය තුරැස් වලින් මිදෙන්න පුළුවන්.‘
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විලච්චියේ වට්ටක්කා ගොවීන්ට නරක කාලයක්