(තරංග ගුණරත්න)
වැලිගම කොළණිය සුසාන භූමිය අසලදී අද (08) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව වැලිගම පොලිසිය පැවසීය.
සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කීය.
වැලිගම කොළණිය සුසාන භූමිය අසල පිහිටි ක්‍රීඩාංගනයේ තරුණ පිරිසක් වොලිබෝල් ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී එක් ප්‍රහාරයක් අක්‍රිය වී ඇති බවත් පොලිසිය කීය.
සැකකරු පැමිණි බව කියන යතුරු පැදිය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් , වැලිගම පොලිසියේ නිලධාරීන් සහ කොටවිල පොලිසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිගම වෙඩි තැබීමක්