IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලිගම කොස්තාපල්වරයකුට පිහියෙන් අනී


 
 
ඩී.ජී.සුගතපාල
 
වැලිගම පොලිසියට අනියුක්ත මිදිගම තුර්කි ගම්මානයේ පොලිස් මුරපොලේ සේවය කරනු ලබන කොස්තාපල්වරයකුට පිරිසක් විසින් පිහියෙන් ඇන තුවාල සිදුකර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇති කොස්තාපල්වරයා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.


තුවාල ලැබු කොස්තාපල්වරයා ඊයේ (27) රාත්‍රී තේ බීම සඳහා පොලිස් මුරපොළ අසල පිහිටි තේ කඩයකට ගොස් ඇති බවත් එම අවස්ථාවේ ඒ අසල ත්‍රී රෝද රථයක සිටි සිව් දෙනෙකු අසභ්‍ය වචන කියමින් කෑ කෝ ගසමින් සිටි නිසා ඔහු එම ස්ථානයට ගියවිට බහින් බස්වී ත්‍රී රෝද රථයේ සිටි අය විසින් පිහියෙන් මෙසේ ඇන ඇති බවත් පොලිසිය පවසයි.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා ත්‍රි රෝද රථයෙන්ම පලාගොස් තිබේ.


අත් අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි 21 හැවිරිදි සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
 



අදහස් (0)

වැලිගම කොස්තාපල්වරයකුට පිහියෙන් අනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site