IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන

(නිමල් ජයරත්න)                                           

වැලිකන්ද රුවන්පිටිය මැණික්දෙනිය ඇතුළු අවට කෙත්වතුවලට කඩා වැදුණු වල් අලි රංචුවක් අද(04) අලුයම තම පැල ගොයම පාගා විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවීහු පවසති.                                           

වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත සහ වැව්වල බැස සිටින වල් අලි රංචු මාදුරුඔය සහ සෝමවතිය යන ජාතික වනෝද්‍යානවලින් ගම් වැදුණු අලි බව ද ඔවුන්ව ඉදිරි දිනවලදී ඉවත් නොකළහොත් සිය භෝග වගාවන් සම්පූර්ණයෙන් විනාශවනු ඇති බවද ඔවුහු පවසති.                                                   
මැණික්දෙනිය සහ රුවන්පිටිය යන ගම්මානවල ගොවීහු මෙසේ පැවසූහ.                  

“කුඹුරුවල වී වගාව අලින්ගෙන් රැක ගන්න ගියොත් අලි ගෙවතුවලට පැනලා කෙසෙල්, පොල්, අඹ වගාවන් විනාශ කරනවා. ඒවා රැකගන්න ගෙදර හිටියොත් කුඹුරු වලට පැනලා ඒවා විනාශ කරනවා. අවුරුදු 30ක් අපි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑවා. දැන් වන අලින්ගෙන් දුක් විඳිනවා. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් දෙන්න බලධාරීන් අපොහොසත් ඇයි? ”                    

වැලිකන්ද පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසන්නේ අලින්ගේ වාසභූමි මහා පරිමාණයෙන් මිනිසුන් විනාශ කිරීම අලි ගම් වැදීමට ප්‍රධාන හේතුව බවයි.                                                                 

 ගම්වදින අලි පන්නා දැමීමට පවත්නා සම්පත් ඇසුරින් හැකි උපරිම උත්සාහ දරන බවත්, පුද්ගල මරණවලට හේතුවන අලි සිටී නම් උන් අල්ලා හොරොව්පොතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන යෑමට පියවර ගන්නා බවත් ඔවුහු පවසති.                    

වන අලි තර්ජනයට මහවැලි බී කලාපයේ සෑම ගම්මානයක්ම මුහුණ දෙමින් සිටින බව ද ඉහළ නිලධාරීනගේ අවධානය මේ කෙරේ යොමුවිය යුතු බවද ඔවුහු පැවසූහ.

 



අදහස් (0)

වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31936 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14392 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11211 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 14 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 269 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1218 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site