IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වෙරළ නිලධාරියාට කළ ප්‍රහාරය ගැන නීතිය පමා යැයි ඇමැතිට පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ) 


හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්ෂණ නිලධාරියකුට දේශපාලන ආධාරකරුවන් පිරිසක් පහර දී ඇතැයි ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් නිර්මාණය වීම ගැන සොයා බලන්නැයි ද ඉල්ලමින් සංවර්ධන නිලධාරි සංගමය වන සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාට අද(19) ලිපියක් යොමුකර ඇත.


ගාලූ පාර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි රෙබෙකා ගාර්ඞ්න් නමැති හෝටලයේ හිමිකරු විසින් වෙරළෙහි ආරක්ෂිත ගල්වැටි ඇතුලූ ප්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීට එරෙහිව රාජකාරි කිරීමේදී වෙරළ සංරක්ෂන නිලධාරි පී. ඒ. ක්‍රිස්ටි විජයකුමාර මහතා මෙසේ ප්‍රහාරයට ලක්ව ඇතැයි ද සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව දකුණු පළාතේ සංවර්ධන නිලධාරින් හෙට (20) විරෝධතාවයක නියැලෙන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ. 


ක්‍රිස්ටි විජයකුමාර මහතා පසුගිය 17 වැනිදා සවස 3.15ට පමණ අදාළ ස්ථානයට ගොස් අනවසර ගොඩකිරීම් නතර කරන ලෙස ඉල්ලමින් එම ක්‍රියාව ඡායාරූපගත කිරීමේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි ද පසුව ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වනවිටත් නේවාසික ප්‍රතිකාර ලබන්නේ යැයි ද සංවර්ධන නිලධාරි සංගමය පවසයි. 


බිම පෙරළා අමානුෂික ලෙස පහර දී නැවත නැගිට්ටවා ඔහුගේ හිස පොල් ගසක ඇන ඔහු පැමිණි යතුරුපැදියට පවා හානි කර ඇතැයි ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ තමන්ට සමීප දේශපාලන සබඳතා ඇති බව කියමින් තර්ජනය කර ඇතැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ.


මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ නිලධාරියා මීටියාගොඩ පොලිසියේ CIB/02/113/124 අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා පොලිසිය නීතිමය පියවර ගෙන නැතැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි. 


රජයේ නිළධාරින්ට මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගෙන් එල්ලවන බලපෑම් වර්ධනයවීම හා ඊට රජය ලෙස නිසි පියවරක් නොගැනීම ගැන සිය විරෝධය පළ කරන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත විරෝධතාවයකට අවතීර්ණ වීමට සංවර්ධන නිලධාරින්ට සිදුවනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

 



අදහස් (1)

වෙරළ නිලධාරියාට කළ ප්‍රහාරය ගැන නීතිය පමා යැයි ඇමැතිට පැමිණිල්ලක්

දිමුත් Wednesday, 19 February 2020 10:35 AM

තව ඉස්සරහට හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site