IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෙරළ ඛාදනයෙන් ධීවර නිවාසවලට දැඩි හානි

(ඔගස්ටින් ප්‍රනාන්දු)
        
මේ දිනවල මහ මුහුද පිහිටි ප්‍රදේශයන්ට බලපා ඇති දැඩි සුළං හේතුකොට ගෙන හලාවත වැල්ල ධීවර ගම්මානයේ ධීවර පවුල් වලට ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව පුත්තලම දිසාපති කාර්යාලය කියයි.

හලාවත වැල්ල කල්ලුකුලිය කුරුසපාඩුව යන ප්‍රදේශවල නිවාස 80 කට අධික ප්‍රමාණයක් වෙරළාසන්නයේ ඉදි කර ධීවරයින් වාසය කරනු ලබන අතර එයින් නිවාස 52කට වෙරළ ඛාදනය නිසා දැඩිහානි සිදුව ඇත. එම නිවාසවල වාසය කරන ධීවර පවුල් එම නිවාස වලින් ඉවත් කර වැල්ල සාන්ත සෙබස්තියන් දෙව් දෙව්මැදුරේ තාවකාලිකව රැඳවීමට උපදෙස් දී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වෙරළ ඛාදනය සහ විටින් විට ගොඩබිම කරා එන ප්‍රචණ්ඩ රළ මෙම ප්‍රදේශයේ ඇති සමුද්‍රාසන්න මාර්ගය හරහා ගොඩ බිමට පැමිණ අනෙක් පස ඇති කලපුවට ගලා යන බව දැක ගත හැකි විය. මේ නිසා මේ වනවිට එම සමුද්‍රාසන්න මාර්ගය ද දරුණු ලෙසින් වෙරළ ඛාදනයට හසුවීමෙන් තැනින් තැන හානියට පත්ව ගමනා ගමන කටයුතු නතර වී ඇති බවත් කියයි.

වෙරළේ රඳවා තිබු එක් දින යාත්‍රා මුහුදු රළ සමග පැමිණ එම මාර්ගයේ රැඳී ඇතිබවත් දැක ගත හැකිය.

බලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම නිසා තමන් හිස් පෝර උරවලට වැලි පුරවා හානි අවම කිරීමට පියවර ගනිමින් සිටි ධීවරයින් යුහුසුළුව කටයුතු කරමින් සිටිනු ද දැකගත හැකි විය.

ප්‍රදේශය පුරා සිදුව  ඇති හානි දැක ගැනීම පිණිස පුත්තලම දිසා ලේකම් එන්.එච්.කේ. චිත්‍රානන්ද හලාවත ප්‍රාදේශීය ලේකම් ඩි.එමි.ඒ.කේ දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (19) පස්වරුවේ ප්‍රදේශය පුරා සංචාරය කළහ.

හැකි ඉක්මනින් මෙම වෙරළ තීරයට ගල්වැටි යෙදිමට පියවර ගන්නා බව ඔවුහු ධීවරයන්ට පොරොන්දු වුහ.



අදහස් (1)

වෙරළ ඛාදනයෙන් ධීවර නිවාසවලට දැඩි හානි

ravi Saturday, 20 July 2019 06:07 AM

"" ලෝකමහා කාලගුණ ව්පර්යාසයන් "" තාම පටන්ගත්තා විතරයි !!! ධීවර කර්මාන්තයත් ... මුහුදු වෙරලේ " මුඩුක්කු " සැදීමත් මේ සමගම අවසානයකට පත්වේවි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site