IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැරැල්ලවත්තට වැලි ගබඩාවක්

විනීතා එම් ගමගේ

 

මනම්පිටියේ  වැලි ගබඩා  බෙදාහැරීම සඳහා යක්කල, වැරැල්ලවත්තේ  වැලි ගබඩාවක් ආරම්භ කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කටයුතු කර ඇත.

ඉකුත් 30 වැනි දා ආරම්භ කළ මෙම වැලි ගබඩාවෙන් මනම්පිටියේ වැලි බෙදාහැරීමට කටයුතු කරන අතර කියුබ් දෙකේ ලොරිවලට පමණක් වැලි නිකුත් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.

ව්‍යාපරිකයන් විසින් මිලදී ගෙන වැඩි මිලට විකිණීම නැවැත්වීම සඳහා මෙසේ කියුබ් දෙක බැගින් නිකුත් කිරීමට පියවර ගත් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වැලි මිලදී ගන්නා රිසිට් පත එම වැලි ප‍්‍රවාහනය සඳහා බලපත‍්‍රය ලෙස යොදා ගත හැකි බව ද සඳහන් කළේය.

මේ වනවිට වෙළඳපොලේ වැලි කියුබ් එකක මිල රුපියල් 16500 ක් වන බවත්  වැරැල්ලවත්ත වැලි ගබඩාවේ එම කියුබ් එකක් රුපියල් 13500 කට විකුණන බවත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.

මෙම වැලි ගබඩාවෙන් ගෘහස්ත මට්ටමෙන්  වැලි බෑග් නිකුත් කිරීමට ද කටයුතු කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැලි සුළු ප‍්‍රමාණයක් අවශ්‍ය අවස්ථාවක මෙවැනි වැලි බෑගයක් මිලදී ගැනීමට අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලැබී ඇතැයි ද කියා සිටියේය.

මෙවැනි වැලි විකිණුම් මධ්‍යස්ථාන රට පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එහි අරමුණ මිල පාලනය කර වැලි ජාවාරමක් බවට පත්වීම වැළැක්වීම බවත් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

වැරැල්ලවත්තට වැලි ගබඩාවක්

දිමුත් Monday, 03 September 2018 06:47 AM

වැලි බෑග් හොද සංකල්පයක්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site