(කුරුණෑගල අධිකරණ - රවීන්‍ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල කැලේගම ප්‍රදේශයේ කැලෑවක තිබී සජීවී අත්බෝම්බ තුනක් හමුවූ බව වාරියපොල පොලිසිය කියයි. අද (02) සවස දර කැඩීම සඳහා එම ප්‍රදේශයට ගිය ගම්වැසියෙකු මෙම බෝම්බ තුන රෙදිකඩක ඔතා ගසක් මුල තිබෙණු දැක ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබිණ.
කාලයක සිට මෙම අත්බෝම්බ එම ස්ථානයේ තිබුණු බවට පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය. මූලික පරීක්ෂණ වලින් අනතුරුව වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතාට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට ලබාගත් නියෝගයකට අනුව කුරුණෑගල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ බෝම්බ තුන නිෂ්ක්‍රිය කලහ.
මෙම අත්බෝම්බ යුධහමුදාව සහ විශේෂ කාර්ය බලකාය පාවිච්චි කරන SFG 81 වර්ගයේ ඒවා බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාරියපොලින් අත්බෝම්බ තුනක්