(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ රාජපක්ෂ ජාතික පාසල ආසන්නයේ දී අද (01) සවස සිදු වූ රිය අනතුරකින් සය හැවිරිදි පාසල් සිසුවකු හා දාහතර හැවිරිදි සිසුවියක් මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
මියගිය දාහතර හැවිරිදි පාසල් සිසුවිය පෞද්ගලික පන්තියකට දැමීම සඳහා තම මව සමඟ බස් රථයකින් පැමිණ බසයෙන් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී වීරකැටිය දෙස සිට පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් පසුව තුවාල ලැබූ මව පුතා සහ දියණිය වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට පිටත්කර තිබේ.
තංගල්ල මූලික රෝහලේදී සය හැවිරිදි පාසල් සිසුවා මියගොස් ඇති අතර මාතර මහ රෝහලේ දී දියණිය මියගොස් ඇති බව පොලිසිය පැවසීය.මෝටර් රථය පදවා ඇත්තේ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු බවත් ඔහුට රියදුරු බලපත්‍ර නොමැති බවත් පොලිසිය සඳහන් කරයි මෝටර් රථය රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වීරකැටියේ සිදුවූ අනතුරකින් 2 ක් මරුට