IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වීරකැටියේ පූජා භූමියක බුදුපිළිම දෙකක් විනාශ කරයි

අනීෂා මානගේ

වීරකැටිය පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධ පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසැති බුදු පිළිම දෙකක් කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.

වීරකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධයින් පුද පූජා පවත්වන පැරණි පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසින් යුතු බුදු පිළිම දෙකක් මෙලෙස විනාශ කර දමා තිබේ.

බෝධිය අසල තිබූ බුදු පිළිම දෙක කඩා විනාශ කර අසල තිබූ වැවෙහි ඉවුර අසලට දමා ඇති ආකාරය දක්නට හැකි විය.

මෙම පූජා භූමියට වසර 90 කට ආසන්න කාලයක ඉතිහාසයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.  බුදු පිළිම තබා තිබූ ස්ථානයෙහි තිබූ මල් වට්ටි කිහිපයක් ද විසිකර දමා තිබූ ආකාරය දක්නට හැකි විය.

තංගල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ඒ.ඩී. රත්නවීර මහතා සිද්ධිය වූ පූජා භූමියට පැමිණි අතර ඔහු ගම්වාසීන්ට පැවැසූයේ මෙලෙස බුදු පිළිම විනාශ කර දමා ඇත්තේ යම් කිසි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පිරිසක් බවට සැක කරන බවයි. කෙසේ වුවද මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.

වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.



අදහස් (0)

වීරකැටියේ පූජා භූමියක බුදුපිළිම දෙකක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site