IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වීරක්කොඩිචෝලෙයි රක්ෂිතය එළිපෙහළි කළ අයෙකුට නඩු

(රෝවන් පෙරේරා)

පුත්තලම සාලියවැව පුලියන්කුලම වීරක්කොඩිචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ ඉඩමක් එළිපෙහළි කරමින් සිටි පුද්ගලයකුට එරෙහිව අද (25) පුත්තලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

වසර ගණනාවකින් වන සංරක්ෂණ නිලධාරීන් මෙම ප්‍රදේශයට නොපැමිණීම නිසා ගැටලුවකින් තොරව කැලෑ එළිපෙහළි කළ බව ඔහු වන සංරක්ෂණ නිලධාරීන්ට පවසා ඇත.

එම පුද්ගලයා එම රක්ෂිතයේ තිබූ බුරුත, කොහොඹ, පලු සහ හුළං කිරිල්ල වැනි ඉතා පැරණි ගස් විනාශ කර ගිනිතබා ඇතැයි වන සංරක්ෂණ නිලධාරීවරයා සඳහන් කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආඥා පනතට අණුව විසි වෙනි වගන්තිය ප්‍රකාරව එම රක්ෂිතය රජයේ කැලෑවකට අයිති ඉඩමක් බවත් ඇතුලු වීම ගස් කැපීම කැලෑ ගිනිතැබීම සපුරා තහනම් බවත් පුත්තලම දිසා වන නිලධාරී ඩී.එම්.පී.එම් බංඩාර මහතා පැවසීය.

කැලෑ එළිපෙහළි කර ගිනිතැබූ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට කරුණු වාර්තා කර නීතිය ක්‍රියාත්මක කරන බවත් කපා බිම හෙලා කුට්ටි කර ඇති දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබාදීමට කටයුතු කරන බවත් පුත්තලම දිසා වන නිලධාරීවරයා පැවසීය.

 

 

 



අදහස් (0)

වීරක්කොඩිචෝලෙයි රක්ෂිතය එළිපෙහළි කළ අයෙකුට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site