(රොමේෂ් දනුෂ්ක සිල්වා)
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ව්‍යවසායකයන් බිහි කිරීම සහ සරසවි සිසුන්ගෙ නව නිපැයුම් දේශීය සහ විදේශීය වෙළඳපොළ දක්වා ගෙන ඒම වැනි කරුණු මූලික කර ගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අද (24) අවබෝධතා ගිවිසුමකට තැබිණි.
මෙහිදී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තුළින් සිසුන්ට අවශ්‍ය පුහුණුවීම් සහ ව්‍යාපාර උපදෙස් ලබාදීමටත් සිසුන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීමට ද එකඟ විය. දැනට වයඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පිහිටුවා ඇති පෙර වැඩුම් මධ්‍යස්ථානයේ දෙවන පියවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අශ්‍රිතව ආරම්භ කිරීමටද කැබිනට් අමාත්‍විමල් වීරවංශ මහතාගේ අවධානය යොමු විය.
මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ නව නිපැයුම් කිහිපයක් සිසුහු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළහ.
නව රජයේ මෙවැනි ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ විශ්වවිද්‍යාල තුළ නව සංස්කෘතියක් බිහිකර, වැඩි ව්‍යවසායකයින් පිරිසක් අර්ථික පද්ධතියට බිහි කිරීම බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. මෙයට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුශ්ක ගුණසිංහ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, මහාචාර්ය පද්මලාල් මාන්නගේ සහ වෛද්‍ය ලංකා උඳුගොඩ යන මහත්වරු සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - ජ’පුර සරසවිය අවබෝධතා ගිවිසුමක