IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි

(සිතුම් චතුරංග)

නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 306ක් සමඟ පුද්ගලයකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

නිරෝධායන අ‍ැඳිරිනීතිය නොතකමින් කොළඹ ප්‍රදේශයට ගමන්කල සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී වියලි කහ තොගය සොයාගෙන තිබෙ‍ි.

පොලිතින් උර තුල  වියලි කහ තොගය අසුරා  කිසිවෙකුට සැක නොසිතෙන ලෙස සැකකරු කහ තොගය ප්‍රවාහනය කිරමින් සිටි බවද පොලිසිය පැවසීය.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිටින ජාවාරම්කරුවකුගෙන් වියළි කහතොගය ලබාගෙන අ‍ැති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

සැකකරු මඩකලපුව, එරාවූර් පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු වෙි.

අත්අඩංගුවටගත් වියළි කහ තොගය සහ සැකකරු මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කහතොගය විනාශ කිරීමට නියමිතව තිබුණි.

මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

       

 

 



අදහස් (1)

වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි

de silva Wednesday, 08 September 2021 06:02 PM

කරුණාකර කහ සාමාන්‍ය පරිදි ගෙවන්න ඉඩ දෙන්න... කහ තහනම් කරලා වසර 1 1/2ක් පමණ වෙනවා. නමුත් රටේ කහ අවශ්‍යතාවය සම්පූර්ණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site