IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වයඹ පළාතේ ජනතාවට බෙදන්න සමූපකාරවල අත්‍යවශ්‍ය ආහාර නැහැ

( පුෂ්පකුමාර ජයරත්න )
 
රට තුළ ඇඳිරි නීතියක් පනවා තිබෙන අවස්ථාවක වයඹ පළාතේ ජනතාවට බෙදා හැරීමට සහල්, පරිප්පු, සැමන්, පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක් වයඹ පළාතේ සමූපකාර සමිති සතුව නැතැයි අද (23) පස්වරුවේ කුරුණෑගල පැවති රැස්වීමකදී වයඹ පළාතේ සමූපකාර සංගම් නියෝජිතවරු චෝදනා කළහ.
 
වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම හදිසි රැස්වීමට වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු වයඹ පළාතේ සියළුම උසස් රාජ්‍ය නිලධාරීන් , සමූපකාර සංගම් නියෝජිතවරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 
මෙහිදී අදහස් දැක්වූ ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සහ වයඹ පාරිභෝගික සංගමයේ සභාපති සරත් වීරසිරි මහතා කියා සිටියේ මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම බෙදා හැරීමේ බල අධිකාරිය මේවනවිට සතොස ආයතනය වෙත පවරා දී තිබීම හේතුවෙන් සමූපකාර සමිති වලට මේවා කිසිවක් නොලැබෙන බවය. සමූපකාර සමිතිවල ලොරි රථ කොළඹට ගොස් හිස් අතින් ආපසු පැමිණෙන බවද අද දිනයේ ජනතාවට බෙදාහැරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සතුව තිබූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැය දෙකකින් අවසන් වූ බවද පැවසීය.

මෙම තත්ත්වයම හෙට(23) පුත්තලම දිස්ත්‍රික්කයේද ඇතිවිය හැකි බව පෙන්වා දුන් වීරසිරි මහතා මෙම තත්ත්වය මත ඇතිව තිබෙන ජනතා විරෝධය මත සමූපකාර වෙළඳසැල් විවෘත කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බවද පැවසීය. රට තුළ සමූපකාර වෙළෙඳසැල් 6000 ක් පවතිද්දී සතොස වෙළඳසැල් පවතින්නේ ඉතාම අඩු සංඛ්‍යාවක් බැවින් මෙවැනි අවස්ථාවක අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදා හැරීමේ වගකීම සමූපකාරය වෙත පවරා දෙන ලෙසද ඔහු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. වයඹ පළාතේ සමූපකාර වෙළෙඳසැල් මෙවනවිට හිස්ව පවතින බවද මේ තත්ත්වය හමුවේ ග්‍රාමීය ජනතාව අසරණවී සිටින බවද ඔවුහු ආණ්ඩුකාරවරයාට දැනුම් දුන්හ.
 



අදහස් (1)

වයඹ පළාතේ ජනතාවට බෙදන්න සමූපකාරවල අත්‍යවශ්‍ය ආහාර නැහැ

lalithm Monday, 23 March 2020 02:35 PM

කතාව තිබුනට වැඩ බැරි බව පෙනෙනවා නේද? කොහොමත් දුෂණ ගුහාවක්නේ කොයි ආණ්ඩුව යටතේත්..........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site