ජුඩ් සමන්ත
වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මස පැවති මංගල්‍යයේ විශේෂ රාජකාරි සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමානා නොගෙවීම සහ කප්පාදු කිරීමට එරෙහිව පසුගිය මස 30 වැනි දා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන ලදී.
ඒ අනුව තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින් වැළකී සිටීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි. පසුව එක් දිනක් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,පසුව රාජකාරියට වාර්තා කරන නමුත් කේෂත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කළේය.
මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන දූමායන කටයුතුද ඇණ හිටින ලදි. හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ නිකිණි මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටි කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා විය.
පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහාය පල කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් වී සිටියේය.
කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡා වට කීපයකින් පසුව තලවිල දේවස්ථානයේ රාජකාරි කළ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිඟ අතීකාල දීමනා ගෙවීමට එක් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති