IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට පැන මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට


 
 
සිතුම් චතුරංග
          
උතුරු පළාත තුළ ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන මුදල් හා රන්භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමක ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ එකයි ග‍්‍රෑම් 590 සොයා ගත් බවද පොලිසිය පවසයි.

උතුරු පළාතේ කිලිනොච්චිය, මන්නාරම, යාපනය ප්‍රදේශවල රාත්‍රී කාලයේ ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට ඇතුළු වී නිවැසියන්ට පහරදී බියවද්දා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවත් එම කොල්ලකෑම් සඳහා සැකකරුවන් දෙදෙනා හා තවත් පුද්ගලයන් සිව්දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එක්වී ඇති බව පොලිසිය පවසයි.

කිලිනොච්චිය, වට්ටකච්චි, අක්කරායන් හා පුදුමුරිප්පු ප‍්‍රදේශයේ නිවාස කොල්ලකෑම් පිළිබඳ පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිලිනොච්චිය අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණ පැමිණිලි මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සොරකම් කළ භාණ්ඩ අතර රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් , රන්භාණ්ඩ සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය හා මුලතිව් හි පදිංචි අවුරුදු 35ත් 39 අතර වයසේ පසුවන්නෝ වෙති.



අදහස් (0)

ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට පැන මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site