IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යාපාරිකයාගේ මරණයට වසර දෙකකට පසු බිරිඳ සහ තවත් අයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)
 
  දඹුල්ල නගරයේ  ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු  ප්‍රශ්න කිරීම වසර දෙකකට පසු  අත්අඩංගුවට ගත් බව මාතලේ  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .


 2016 වසරේ දෙසැම්බර් 21 වන දින මෙසේ මියගොස් තිබුණේ චන්දන සමන් ගුණවර්ධන ( 41) නැමති ව්‍යාපාරිකයෙකි. 


සිය නිවසේ සිටියදී ඔවුහු ගෙල වැලලා  ගෙන මියගොස් ඇතැයි මූලිකව සඳහන්ව තිබිණි.


පසුව මිය ගිය ව්‍යාපාරිකයාගේ ඥාතීන් මාතලේ කොට්ඨාස පොලිස් අධිකාරී වරයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් මාර්ගයෙන් මෙහි විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් .ආර් . රාජපක්ෂ මහතාට ලබාදී තිබිණි.


ඒ අනුව  වසර එකහමාරකට වැඩි කාලයක් ඉතා සියුම් පරීක්ෂණ පවත්වමින් හ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් මෙම  ඝාතනය පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ දඹුල්ල ප්‍රදේශයේ නිවසේ රැඳී සිටියදීත්  අනියම් සැමියා බව කියන අයකු  මාතලේ බලකඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස පොලිස් පොලිස් අධිකාරි එස්. ඩී .එච් .  බී සන්දනායක  මහතා පැවසීය.


අත්අඩංගුවට ගත් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවා තිබෙන බවත් ඔවුන්  අද (22 )දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ මරණයට වසර දෙකකට පසු බිරිඳ සහ තවත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site