IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයකු බිය ගන්වා රන්භාණ්ඩ-මුදල් කොල්ලකෑ හිටපු මන්ත්‍රී 29 දක්වා රිමාන්ඩ්

(  උපාලි ආනන්ද)

ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්‍යපාරියෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාන්ඩ කොල්ලකෑමේ  සහ බලපත‍්‍ර සහිත ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ  අධිචෝදනා ලැබ සිටින  තලාව ප‍්‍රාදේශීය සභාවේ  ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණු හිටපු මන්ත‍්‍රිවරයෙකු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු, ඇතුළු  විත්තිකරුවන් තිදෙනෙතු මේ  මස 29 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා  නියෝග කළේය.

මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කලේ  තඹුත්තේගම රැජින හංදිය පදිංචිකරුවන් වන ආර් එම් අජන්ත කුමාර හෙවත් අජා  අසංක දිල්හාර සහ  ආර් ඒ ලලිත් යන විත්තිකරුවන් තිදෙනාය.

තලාව ආමනේ ප‍්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වී ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්‍යාපාරිකයෙකු  බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක වටිනාකමකින් යුත් මුදල්  සහ රණ් භාණ්ඩ කොල්ලකෑ බවටත් බලපත‍්‍ර සහිත ගිනි අවියක් පැහැර ගත් බවටත්  මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිකරණ හමුවේ  චෝදනා එල්ල වී තිබේ.

ඒ 2001 වසරේ අපේ‍්‍රල් මස 09 වන දින හෝ ඊට ආසන්න දිනයකදීය මෙම නඩුවේ පළමු විත්තිකාර අජන්ත කුමාර හෙවත් අජා නැමැත්තා මෙම අපරාධය සිදු වන  අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු මේ වන විට තලාව ප‍්‍රාදේශීය සභාවේ  ශි‍්‍ර‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ  මන්ත‍්‍රිවරයෙකු ලෙස සේවය කරමින් සිටියි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධිචෝදනා බාරදීමෙන් පසුව එය  වැඩිදුර විභාගය සදහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.



අදහස් (0)

ව්‍යාපාරිකයකු බිය ගන්වා රන්භාණ්ඩ-මුදල් කොල්ලකෑ හිටපු මන්ත්‍රී 29 දක්වා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site