IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ව්‍යාපෘති වලට මුදල් නොලැබීමෙන් බදුල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අමාරුවේ

(පාලිත ආරියවංශ)

බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන්  වසර දෙකක සිට තමන්ට ලැබිය යුතු  මුදල් මෙතෙක් ලැබී නොමැති බවත් තම ව්‍යාපාර කඩාවැටී තමන් දැඩි අසිරු තත්වයකට පත්ව ඇති බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ  ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ  අද (14) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

ජාතික ඉදිකිරීම් සංගමයේ බදුල්ල ශාඛාවේ නියෝජිතයන් , ඌව පළාත්  වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ  නියෝජිතයන් සහ බදුල්ල නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යපාරිකයන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ  බදුල්ල ශාඛාවේ උප සභාපති කේ.ඩී. කුමාර වංශ මහතා අදහස් දැක්වීය.

මේ හිඟ මුදලට ළඟම පාසල ‍හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි සඳහා පමණක් ලැබිය යුතු මුදල මිලියන 450 ක් බවත් එම ව්‍යාපෘතිය සඳහා මේ දක්වා කිසිඳු මුදලක් ගෙවා නැති බවත් ඒ මහතා කීය.

එම ව්‍යාපෘති වසර දෙකක් තුළ ඉදිකිරීම් අවසන් කරමින් වැඩි ම ව්‍යපෘති සංඛ්‍යවක් ඉදිකළ දිස්ත්‍රික්කයද බදුල්ල දිස්තික්කය බව ඒ මහතා පැවසීය.

කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම හේතුවෙන් තම ව්‍යාපාර කඩාවැටී ඇති බව ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යපාරිකයෝ ද එහිදී පැවසූහ.



අදහස් (0)

ව්‍යාපෘති වලට මුදල් නොලැබීමෙන් බදුල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site