(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ව්‍යාපෘති ආරම්භ කිරීමට අනුමැතිය ගෙන, ඉඩම් වෙන්කරගෙන, ඒවා ආරම්භ නොකළ ආයෝජකයන්ගේ බලපත්‍ර අහෝසි කර, එම ඉඩම් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා යෙදවීම පිණිස, අදාළ ව්‍යාපෘතිවල වාර්තාවක් කඩිනමින් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මියට දැනුම් දී තිබේ.
ඇමතිවරයා මේ නියෝගය කරනු ලැබුයේ ආයෝජන මණ්ඩලයන්හි අධ්‍යක්ෂකවරුන්ගේ හමුවකදීය.
මෙරට ආයෝජන සඳහා පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව සිය කටයුතු කරගැනීමට අවකාශය සැලසිය යුතු වුවත් ආයෝජකයන්ට ඉඩ පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමටද ඇමතිවරයා පියවර ගෙන ඇත.
එමෙන්ම නිදහස් වෙළඳ කලාප ආශිත පොදු පහසුකම් නංවාදීමේ අවශ්‍යතාවයද අවධාරණය කළ ඇමතිවරයා ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීමක් ඇති බවද පැවසීය. නිදහස් වෙළද කළාප වල හා අයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා ඇති කර්මාන්ත ශාලාවල සේවය කරන ලක්ෂ 5කට අධික සේවක සේවිකාවන්ගේ සුභසාධනය, ආරක්ෂාව, යටිතල පහසුකම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් එම අඩුපාඩු සොයා බලා ඒවා විසදන ක්‍රමවේදයන් සකසන ලෙසත් ඇමතිවරයා ආයෝජන මණ්ඩල බලධාරීන්ට උපදෙස් දුන්නේය.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාපෘති ආරම්භ නොකළ ආයෝජකයන් ගැන වාර්තාවක් ඉල්ලයි