IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ ෆේස්බුක් වලින් තරුණියන් රැවටූ අනංගයා අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදා තරුණියන් රවටා විවාහ කර ගෙන මුදල් ලබා ගැනීමේ ජාවාරමක  නිරත වූ බව කියන දෙවිනුවර ප්‍රදේශයේ තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
 

ඒ ආකාරයට ෆේස්බුක් මගින් මිතුරුකමක් ඇති කර ගෙන ඔහු සමග නීතයනූකූලව විවාහ වු තරුණියන් සිව් දෙනෙකු පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඉන් එක් තරුණියක ඒ බව දැන ඔහුගෙන් දික්කසාද වී වෙනත් විවාහයක්  කර ගැනීමට සූදානම් වෙද්දී ඔහු තමා සමග පැවති විවාහය හෙළිදරව් කරන බව පවසා එය වසන් කිරීමට රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කර තිබෙන බව පොලීසිය කියයි.
 
එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනය සිදු කරන අතරතුර සැකකරුගේ අනෙක් විවාහයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.

එම විවාහ හතරට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තවත් විවාහ සිදු කර ගන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

එම සැකකරු තමාගේ කඩවසම් පෙනුම උපයොගී කර ගෙන ඡායාරූප ෆේෂ්බුක් ගිණුමේ පළ කර තරුණියන් රවටන අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
බහු විවාහය යටතේ ද ඔහුට විරුද්ධව වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලීසිය කරයි.



අදහස් (0)

ව්‍යාජ ෆේස්බුක් වලින් තරුණියන් රැවටූ අනංගයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site