IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රැකියා ලබාගත් 22ක් සේවයෙන් ඉවතට

 (ජේ.කේ.එල්.චාමින්ද)


ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින්  ගුරු සේවයට හා අනධ්‍යන කාර්ය මණ්ඩල වල  රැකියා ලබා ගත්  22නෙකු  තනතුරු වලින් නෙරපීමට  කටයුතු කරඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  පවසයි.
 
එමෙන්ම  මේ අයුරින් තනතුරු ලබාගත්  තවත් 52නෛකුට  එරෙහිව පරික්ෂණ පැවැත්වෙන බවද දකුණු පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 
 මේ වන විට  සේවයෙන් නෙරපනු ලැබ ඇති  අය අතර ගාල්ල දිස්ත්‍රික්කයේ  අටදෙනෙකු, මාතර  දිස්ත්‍රික්කයේ  අට දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හය  දෙනෙකු  වෙති.
 
 එමෙන්ම  ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු  දොළොස් දෙනෙකුට, මාතර දිස්ත්‍රික්කයේ  දහහත් දෙනෙකුට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  විසිතුන් දෙනෙකුට එරෙහිව  විනය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවද දකුණු පළාත්අධ්‍යාපන දේපාර්තමේන්තුව පවසයි.
 
 මේසේ පරික්ෂණවලට ලක්කරණ අය අතර  ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කරමින්  ගුරු සේවයට ඇතුලූ වූ ගුරුවරුන් ලෙස සෙවයකරන්නන්  පාසැල් මුරකරුවන්  සහ අනධ්‍යන සේවකයින් සිටින බව  අධ්‍යාපන දෙපාර්ථමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 දකුණු පළාක්  ආණ්ඩුකාර කිර්ති තෙන්කොන් මහතා  විසින් ඉකුත් දා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදු කළ  නිරීක්ෂන චාරිකාවකදි මෙම තොරතුරු අනාවරණය විය.
 
ගාල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරු ගුරුවරියන්  පන්සීයක් අහඹු ලෙස තෝරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන සහතික සම්බන්දයෙන්  විභාග දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ගෙන්වාගෙන  පරීක්ෂණයක් පවත්වන  ලෙස  මෙහිදි ආණ්ඩුකාරවරයා  දකුණු පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (2)

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රැකියා ලබාගත් 22ක් සේවයෙන් ඉවතට

Mahee Sunday, 03 February 2019 08:25 PM

ඒ අස් කරපු කට්ටියට පුළුවන් නොවැ කිසිම අධ්‍යාපන සහතිකයක් ඉල්ලන්නේ නැති රටේ ඉහලම රැකියාවකට දාන්න.

:       0       0

ලුම්බිණි Monday, 04 February 2019 02:39 AM

සේවයෙන් ඉවතට විතරද? දඬුවම් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site