(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ ලෙස සාදන ලද රන් පැහැති පෙන්ඩනයක් බණ්ඩාරගම රාජ්‍ය බැංකුවකට උකස් කිරීමට පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව ව්‍යාජ ලෙස සාදන ලද ජාතික හැඳුනුම්පතක්ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාජ ලෙස සැකසූ පෙන්ඩනයක් උකස් තැබීම සඳහා පුද්ගලයකු පැමිණ සිටි බව රාජ්‍ය බැංකුවේ කළමනාකාරිණිය බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ග්‍රෑම් 14ක් බර එම පෙන්ඩනය උකස් අංශය වෙත ලබාදුන් සැකකරු ඒ සඳහා රුපියල් 72,000ක මුදලක් ලබාගැනීමට උත්සහ දරා ඇත. උකස් අංශය කළ පරීක්ෂාවේදී එය ව්‍යාජව සැකසූවක් බව හෙළි වී තිබේ. පසුව සැකකරුව උපක්‍රමශීලීව රඳවාගෙන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේදී කැස්බෑව ප්‍රදේශයේ පුද්ගලයකු මෙම පෙන්ඩනය ලබාදුන් බවත්, මීට පෙරද මේ ආකාරයෙන් ඔහු දුන් විවිධ රන් භාණ්ඩ හොරණ කටුබැද්ද හා ගල්කිස්ස ප්‍රදේශවල ආයතනවලට උකස් කර මුදල් ලබාගත් බවද අනාවරණය වී තිබේ.
බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ව්‍යාජ රන් භාණ්ඩ උකස් කළ අයෙකු අත්අඩංගුවට