IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යාජ රන් බිස්කට් උකස් කර මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)
 

රාජ්‍ය සහ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට ව්‍යාජ රන් බිස්කට් උකස් කර රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වංචා කළ බව කියන සංවිධානාත්මක කල්ලියක ප‍්‍රධාන සැකකරු ව්‍යාජ රන් බිස්කට් 5 ක්ද සමඟ කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසළදී අද (04) සැකපිට අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
 
කඩුවෙල නගරයේ එක් රාජ්‍ය බැංකුවටකට රන් බිස්කට් උකස් තැබීම සඳහා සැකකරු පැමිණ තිබෙන බවට නවගමුව පොලිසිය ලද තොරතුරකට ඔහු මෝටර් රථයකින් යමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉතා සූක්ෂම අයුරින් රන් කැබැලි යටින් යකඩ කැබැලි සිටින සේ සකස් කර තිබූ මෙම එක් රන් බිස්කට්ටුවක් ග‍්‍රෑම් 12.5 පමණ බරකින් යුතු බවත්, සැකකරු මෙම එක් රන් කැබැල්ලක් රුපියල් 60,000ක් පමණ වන සේ උකස් තබා ඇති බවත් පොලිසිය පවසයි.
 
සැකකරු සතුව තිබී රන් කැබැලි උකස් කල රිසිට් පත‍්‍ර 16 ක් හමු වී ඇති අතර ඒවා පොළොන්නරුව, සෙවනපිටිය, අරලගංවිල, සූරියවැව, පන්නිපිටිය, කොට්ටාව, වේයන්ගොඩ, මාලබේ ආදී ප‍්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට අයත් වන බවද පොලිසිය කියයි.
 
මෙම ව්‍යාජ රන් කැබැලි අලෙවියට අමතරව සැකකරු සැකසූ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 5 ක්, ව්‍යාජ රියදුරු බලපත් 02 ක්, ලැප්ටොප් පරිගණකයක්, දුරකථන 2 ක් ද සොයා ගැනීමට හැකි වී ඇත.
 
 
මීගොඩ දහම් මාවත ප‍්‍රදේශයේ පිහිටි සිය සහෝදරියකගේ නිවසේ කාමරයක නැවතී සිටිමින් මෙම කටයුතු කර ඇති අතර සැකකරුගේ මව ද යොදා ගනිමින් රුපියල් ලක්ෂ 11 පමණ වන ව්‍යාජ රන් කැබැලි උකස් කර ඇති බවත් පොලිසිය පවසයි
 
අත්අඩංගුවට ගත් එම සංවිධානාත්මක කල්ලියේ ප‍්‍රධාන සැකකරු මෙයට වසර ගණනාවකට පෙර ගොඩනැලිගි ද්‍රව්‍ය වෙළඳසලක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය අයෙකු බවත්, එම ආයතන පාඩු ලැබීම හේතුවෙන් සැකකරු මෙම ව්‍යාජ රන් කැබැලි උකස් කිරීමට පෙළඹී ඇති බවත් සැකකරු පාපොච්චාරණය කළ බව ද පොලිසිය පවසයි.
 
සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රදවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීමට නියමිතය.



අදහස් (0)

ව්‍යාජ රන් බිස්කට් උකස් කර මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site